31.1 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිටපු තලේබාන් හමුදා ප්‍රධානියාට අමෙරිකාව චෝදනා ගොනු කරයි

හිටපු තලේබාන් හමුදා ප්‍රධානියාට අමෙරිකාව චෝදනා ගොනු කරයි

වසර 2008දී අමෙරිකා හමුදා භට පිරිසකට ප්‍රහාරයක් එල්ල කරමින් සෙබළුන් තිදෙනකු ඝාතනය කිරීම හේතුවෙන් තලේබාන් රජයේ හිටපු හමුදා නායක හාජි නජිබුල්ලාට එරෙහිව චෝදනා ගොනු කිරිමට අමෙරිකාව පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

එම වසරේදිම අමෙරිකානු මාධ්‍යවේදියකු පැහැරගෙන යෑම හේතුවෙන් අදාළ හමුදා ප්‍රධානියා චෝදනා ලබා සිටි අතර, පසුව එල්ල කළ ප්‍රහාරයේදී අමෙරිකා හමුදා සෙබළුන් තිදෙනාට අමතරව ඔවුන්ගේ ඇෆ්ගනිස්තාන භාෂා පරිවර්තකයා ද ජීවිතක්ෂයට පත් වී තිබිණි. එම ප්‍රහාරය අතරතුර තලේබාන් සංවිධානය අමෙරිකාවට අයත් හෙලිකොප්ටරයක් ද බිම හෙළා තිබිණි.

අමෙරිකා නීති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ මේ චෝදනාවට වරදකරු වන තලේබාන් රජයේ හිටපු හමුදා නායකයාට වසර 20ක් දක්වා උපරිම සිර දඬුවමක් නියම කළ හැකි බවය.