― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalජන අරගලයේ අරමුණු මැතිවරණයකින් අවුල් වීමේ හැකියාව තියෙනවා

ජන අරගලයේ අරමුණු මැතිවරණයකින් අවුල් වීමේ හැකියාව තියෙනවා

ජන අරගලයේ අරමුණු මැතිවරණයකින් අවුල් වීමේ හැකියාව පවතින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද 11 පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා

සමහර පාර්ශව දිගින් දිගට මැතිවරණ ඉල්ලනවා. ජන අරගලයේ අරමුණු මැතිවරණයකින් අවුල් වීමේ හැකියාව තියෙනවා.
 සියලුම දේශපාලන පක්ෂ ජනතාව බෙදාගෙන ආපහු සැරයක් තමන්ගේ මුදල් කඳු වියදම් කරමින්  කටයුතු කරනවා.
 හදිසි මැතිවරණයක් කැඳවීම අපි ප්‍රතික්ෂේප කරනවා. ව්‍යවස්ථාවක් සඳහා වූ ජනමතවිචාරණයක් කැඳවීම අපි යෝජනා කරනවා.
 හදිසි මැතිවරණයක් කැඳවීමේ ඊළඟ ප්‍රශ්නය තමයි මේ තියෙන ව්‍යවස්ථාව යටතේ. මැතිවරණ  වලට මුදල් වියදම් කිරීම පිළිබඳ සීමා මායිම් නැති ජනමතය කොල්ලකන්න පුළුවන් ක්‍රියාවලිය යටතේ.
 අරගලය තුළ අපි ලබාගත්තු පාඩමක් තියෙනවා. මේ ව්‍යවස්ථාව තුළ ජනතා අභිලාෂය ප්‍රකාශයට පත්වෙන්නෙ නෑ.
 ලංකාවේ ප්‍රධාන නීතිය වෙච්ච ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ ජනතා අභිලාෂය ප්‍රකාශයට පත්වෙන්නෙ නෑ.
 ජනතාවට ඕනේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව ඉවත් කරගන්න හැබැයි ඒකට ජනතාවට ක්‍රමයක් නෑ.

 මේ ව්‍යවස්ථාව යටතේ ම මැතිවරණයක් තිබීම ආපහු සැරයක් විකෘති ප්‍රතිඵලයක් ඒමේ අවස්ථාව තියෙනවා. නැවත මේ තත්ත්වයම ඇතිවීමේ හැකියාව වැඩියි.

  ජාතික කවුන්සිලය ග්‍රාමීය පදනම් වල සිට නාගරික පදනම් වල සිට වැඩපොළ මට්ටමින් විවිධ ක්ෂේත්‍ර පදනම්කරගෙන පහල සිට ඉහලට ගොඩනැගෙන මහජන ජාතික කවුන්සිලය ගොඩනගලා ඒක මේ තාවකාලික සම්මුති ආණ්ඩුව සමග සම්මුති ඇති කරගන්න ඕනා.
 ජාතික මහජන කවුන්සිලයේ මැදිහත්වීම මත තමයි පාර්ලිමේන්තුවේ ගොඩනැගෙන තාවකාලික ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ.
 ඒ යටතේ හදිසි ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අපි යෝජනා කරනවා. ඒ ක්‍රියාමාර්ග විස්තරාත්මකව අපි නුදුරේ දී මහජනතාවට කියනවා.

ඒ සඳහා වෙච්ච මූලික කරුණු කීපයක් අපි ඉදිරිපත් කරනවා.
 මහජන මුදල් වංචා කිරීම සම්බන්ධ පූර්ණ බලැති කොමිෂන් සභාවක් පත්කර මහජන මුදල් අපහරණය කළ දේශපාලකයින් නිලධාරීන් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් ඇතුළු සියලු දෙනාට දඬුවම් දීම එහෙම සොරා ගත් මුදල් නැවත සමාජ සන්තක කිරීමේ විධිමත් යාන්ත්‍රණයක් සකස් කරන්න ඕනේ.
 නොගෙවා පැහැර හරින ලද බදු මුදල් නැවත අයකර ගැනීම සඳහා විශේෂ අධිකරණ ක්‍රියාමාර්ගයක් නිර්මාණය කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා.
 රාජ්‍ය බදු ප්‍රතිපත්තිය පූර්ණ පරිවර්තනයකට ලක් කරන්න ඕන.
 ලොකු ආදායම් ලබන සමාගම් වලින් වැඩි බදු අයකරන අනුක්‍රමික බදු ප්‍රතිපත්තියක් අපි හඳුන්වා දෙන්න ඕන.
 ආර්ථික අර්බුදයට ගොඩක් හේතු වුණා රජයේ ආර්ථික ප්‍රතිපත්තිය.
 ග්‍රීසියේ හිටපු මුදල් ඇමති ලංකාවට උපදෙස් දුන්නා යන්න එපා අයි එම් එෆ් එකට කියලා
 කාත් එක්ක ගනුදෙනු කලත් 2012 එක්සත් ජාතීන් විසින් ඉදිරිපත් කරපු ඒ උපමාන මත පදනම් වෙලා මේ තාවකාලික සම්මුති ආණ්ඩුව කටයුතු කළ යුතුයි.
 අපි දන්නවා මේ අර්බුදය හෙට අනිද්දා විසදෙන්නේ නැහැ. රටේ ආහාර අර්බුදයක් මතු වෙන්න නියමිතයි මේ තියෙන අර්බුදයන්ට එහා ගිය.
 ජනතාවාදී ව්‍යවස්ථාවක් හැදීම තුළ පමණක් මේ අර්බුදය විසඳන්න පුළුවන් කියලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විශ්වාස කරන්නේ නෑ.
 පාර්ලිමේන්තුවට එපිටින් ජනතාවගේ ක්‍රියාකාරීත්වයෙන් සැදුම්ලත් ජන අරගල සභා ගොඩනැගිය යුතුයි මේ අරගලයේ දිශාව තියෙන්නෙ තැනට. අද වෙනකොට මහා දැවැන්ත ජන අරගල සභාවක් ගොඩනැගිලා තියෙනවා ගෝල්ෆේස් පිටියේ.
 රාජපක්ෂවරු ඒක දරා ගන්න බැරුව  තමන් නියෝජනය කරපු සංස්කෘතිය අවසන් උත්සාහය අරගෙන බැලුවේ. ඒක අසාර්ථක වුණා..