26.1 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනතාවට සහන දෙන්න අගමැතිගෙන් විශේෂ කමිටුවක්

ජනතාවට සහන දෙන්න අගමැතිගෙන් විශේෂ කමිටුවක්

අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය නිම කරමින් ජනතාවට සහන සැලසීම සඳහා යෝජනා ලබා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ කමිටුවක් පත් කර තිබේ.

ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට ලබා දීම සඳහා ඊට අදාළ අංශ සමඟ සාකච්ඡා කොට යෝජනා ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පත් කර තිබේ.

ඖෂධ හිඟය මඟහරවා ගැනීම සම්බන්ධයෙන් අදාල තොරතුරු ලබාගැනීම එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනට, පොහොර අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට අකිල විරාජ් කාරියවසම්ට, ඛනිජ තෙල් සම්බන්ධව වගකීම එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල සාගල රත්නායකට පවරා තිබේ.