26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට සිට අඛණ්ඩව දින තුනක් විරෝධතා

හෙට සිට අඛණ්ඩව දින තුනක් විරෝධතා

හෙට (18) සිට දින තුනක් පුරා දීප ව්‍යාප්ත විරෝධතා ක්‍රියාමාර්ග දියත් කරන බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.

අත්තනෝමතික ලෙස පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් ඔවුන් මෙම විරෝධතාවක් සිදු කිරීමට තීරණය කර තිබේ.

එම අරගලයේ සම කැදවුම්කරු වසන්ත සමරසිංහ ඒ පිළිබඳව මෙසේ ප්‍රකාශ කළේය.

“දැන් ජනාධිපති යන එකත් පැත්තක තියලා, ආණ්ඩු කරන්න කථා කර කර ඉන්නවා. ඒ නිසා වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හැටියට අපි තීරණය කරලා තියෙනවා මේ අසාධාරණ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න. අරලියගහ මන්දිරයේ සිට පහරදීම සැලසුම් කළ මැරයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න අපි සැලසුම් කරලා තියෙනවා. මැරයන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අපි පොලිස්පතිවරයා ඇතුළු ආණ්ඩුවට බලකරන්න අපි තීරණය කරලා තියෙනවා. 18 වෙනිදා ඉඳලා රට පුරා විරෝධතා ක්‍රියාමාර්ග යෝජනා කරලා තියෙනවා. ඒ නිසා අපි ආයතන ඉස්සරහා උද්ඝෝෂණ කරනවා. නගරවල උද්ඝෝෂණ කරනවා 18 වෙනිදා සිට. ඒ වගේම කොළඹ නගරයේ දුම්රිය පිට ඉදිරිපිට දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ගයක් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හැටියට අපි ප්‍රකාශයට පත්කරනවා. වැඩකරන පන්තියට අපි කියනවා 18 වෙනිදා දවල් 2ට කොළඹ දුම්රිය පොළ ඉදිරියට එන්න.”