26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලීසියෙන් තෙල් බෙදයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලීසියෙන් තෙල් බෙදයි

මේ වනවිට රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ ඇති ඉන්ධන පිරවුම්හල මඟින් ඉන්ධන නිකුත් කරන ලෙස කතානායකවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අත්පිට මුදල් පදනම මත මෙලෙස ඉන්ධන නිකුත් කරන ලෙසයි කථානායකවරයා ඉල්ලා ඇත්තේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඛනිජතෙල් සංස්ථාව මඟින් පොලිස් ප්‍රවාහන කොට්ඨාශය වෙත ලබාදෙන අතර ඉන්ධන නිකුත් කිරීමේදී අයකරනු ලබන මුදල් ලබාගැනීම සඳහා ඛනිජතෙල් සංස්ථාවේ නිලධාරියෙකුද එම ස්ථානයට අනියුක්ත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

ඉන්ධන ලබාදෙන අවස්ථාවේ දී අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම රථයේ සිටිය යුතු අතර අත්පිට මුදලට පමණක් එහිදී ඉන්ධන නිකුත් කිරීම සිදුකරන ලබනවා.