28.2 C
Colombo
Sunday, May 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅදත් තෙල් පෝලිම්වල ඉන්න එපා

අදත් තෙල් පෝලිම්වල ඉන්න එපා

පෙට්‍රල් ලබා ගැනීම සඳහා අදත් (18) පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලයි.

නමුත් ඊයේ (17) රාත්‍රියේ සිට මේ මොහොත වනවිටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබේ.

අද (18) පෙට්‍රල් නිකුත් කරන්නේ සීමා සහිතව බවත් හෙට (19) සිට සාමාන්‍ය පරිදි පෙට්‍රල් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා පැවසුවේ මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති දැවි තෙල් හා පෙට්‍රල් නෞකා සඳහාද කඩිනමින් මුදල් ගෙවීමට පියවර ගන්නා බවයි.