නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන සතියේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
නව අමාත්‍ය මණ්ඩලය අගමැතිවරයා ඇතුළුව විස්සකට සීමා කෙරෙන අතර පවතින විරෝධතා වාතාවරණය පහව යනතුරු අමාත්‍යවරුන්ට එක් පසු ගමන් රථයක් පමණක් පරිහරණය කිරීමට අවසර දෙන බව අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.
තවද කිසිදු අමාත්‍යවරයෙක් සඳහා පෙර ගමන් රථ හෝ පෙර ගමන් පොලිස් රථ පාවිච්චි කිරීමට අවසර නොලැබෙන අතර රටේ පවතින විරෝධතා සහිත වාතාවරණය පහව ගිය පසු පසුගමන් රථද නතර කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත.