27.2 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞදි අරාබියෙන් රටවල් 16කට තහනමක්

සෞදි අරාබියෙන් රටවල් 16කට තහනමක්

සෞදි අරාබිය විසින් සිය පුරවැසියන්ට ඉන්දියාව ඇතුළු රටවල් 16ක සංචාරය කිරීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෞදි අරාබිය මෙම පියවර ගෙන ඇත්තේ කොරෝනා වෛරසය නැවත පැතිරීමත් සමඟ පසුගිය සති කිහිපය තුළ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙනි.

එලෙස සංචාරය තහනම් කර ඇති රටවල් වන්නේ ඉන්දියාව, ලෙබනනය, සිරියාව, තුර්කිය, ඉරානය, ඇෆ්ඝනිස්ථානය, යේමනය, සෝමාලියාව, ඉතියෝපියාව, කොංගෝ ජනරජය, ලිබියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, ආර්මේනියාව, බෙලරුසියාව සහ වෙනිසියුලාවයි.