― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඩෙංගු යළි හිස ඔසවයි

ඩෙංගු යළි හිස ඔසවයි

යළිත් වරක් ඩෙංගු රෝගයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

වසරේ මෙතෙක් ගතවූ මාස පහක කාලයේදී ඩෙංගු රෝගීන් 21,484 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පසුගිය සතිය තුළදී පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 1,576 දෙනෙකු හදුනාගෙන තිබේ.

එය ඊට පෙර සතියට සාපේක්ෂව සියයට 21.8ක ඉහළ යාමක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන ඇති අතර එම ගණන 409කි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 171ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 157ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 119ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 113ක් හදුනාගෙන ඇති බවයි.