ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ගත යුතු පියවර සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීමට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණෙති.
ශ්‍රී ලංකාවට ආධාර කිරීම සම්බන්ධයෙන් වන මූලික එකඟතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනටමත් පළකර තිබෙන බවත් එහි නියෝජිතයින් පැමිණ අවසන් එකඟතාවයට පැමිණීමත් සමඟ ශ්‍රී ලංකාවට ආධාර ලැබෙනු ඇති බවත් වජිර අබේවර්ධන පවසයි.