― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදරුණු ආර්ථික අවපාතයක් ගැන අනතුරු ඇඟවීමක්

දරුණු ආර්ථික අවපාතයක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරියේදී ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවිය හැකි බවට ලෝක බැංකුව විසින් අනතුරු අඟවයි.

මෙම ගෝලීය ආර්ථික අවපාතයට රුසියානු – යුක්‍රේන යුද ගැටුම් සෘජු බලපෑමක් එල්ලකර ඇති බව ලෝක බැංකු ප්‍රධානී ඩේවිඩ් මැල්පාස් ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා එක්සත් ජනපද වාණිජ මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකදීය.

ඒ අනුව ආහාර, බලශක්ති සහ පොහොර මිල ඉහළ අධික ලෙස ඉහළ යාමත් සමඟ මෙම ගෝලීය ආර්ථික අවපාතය ඇතිවිය හැකි බවත් එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වාගැනීම අතිශය දුෂ්කර වනු ඇති බවත් ලෝක බැංකු ප්‍රධානියා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

කොරෝනා වසංගත තත්ත්වයද මීට යම් බරපතළ බලපෑමක් එල්ලකර ඇත.