― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදුම්රිය මගීන් වැඩිවෙයි - ගමන් වාර කඩිනමින් වැඩි කිරීමට පියවර

දුම්රිය මගීන් වැඩිවෙයි – ගමන් වාර කඩිනමින් වැඩි කිරීමට පියවර

බස් ගාස්තු ඉහළ යාමත් සමඟ දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් අමතර දුම්රිය ගමන්වාර සහ දුම්රිය මැදිරි සංඛ්‍යාව කඩිනමින් වැඩි කිරීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පැවසුවේ, නුවර – ගාල්ල දක්වා නව අන්තර් නගර දුම්රිය ගමන් වාර ආරම්භ කරන බවත් ඊට අමතරව අනෙකුත් ගමනාන්ත කරා යන දුම්රියවල ධාරිතාව වැඩි කිරීමට හෝ නව දුම්රිය හඳුන්වා දීමට කටයුතු කරන බවයි.

ඒ සඳහා අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලැබී ඇති අතර ඉන්ධන මිල ඉහළ යාම හමුවේ දෛනිකව දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 15ක පමණ පාඩුවක් ලබන බවත් ඒ අනුව වියදම පියවා ගැනීමේ ගැටලුවක් මතුව ඇති බවත් සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“දුම්රිය දෙපාර්තමේන්තුවෙ දිනකට ඉන්ධන සඳහා රුපියල් මිලියන 30ක් වැය කරනවා. මේ වනවිට රුපියල් මිලියන 15කට ආසන්න ප්‍රමාණයක් දෛනිකව අපට ලැබෙනවා. මගීන්ගෙන්. එතන මිලියන 15ක පමණ වෙනසක් තියෙනවා ආදයම හා වියදම අතර ඉන්ධන සඳහා පමණක් .ඊට හේතුව දුම්රියෙ ගමන් කරන මගියෙකුගෙන් දෙපාර්තමේන්තුව අය කරන්නේ, බස් ගාස්තුවෙන් 20% ත් 25 ත් අතර ප්‍රමාණයක්.”