― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉදිරි සති දෙකක කාලය තුළ ඉන්ධන මිල යළිත් ඉහළ යෑමට ඉඩ තිබෙන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආනන්ද පාලිත කියා සිටියේ තෙල් සංස්ථාව මගින් දෛනිකව නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සීමා කර ඇති බවත් එසේ සීමා කර තිබෙන්නේ මිල ඉහළ දැමීමේ අරමුණින් බවත්ය.

ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීම හේතුවෙන් ජනතාවට දින ගණන් පෝලිමේ සිටීමට සිදුව ඇති බව පෙන්වා දුන් ඒ මහතා පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමීම වෙනුවෙන් තෙල් සංස්ථාව දහස් ගණන් ජනතාව දින ගණන් පෝලිම්වල රස්තියාදු කරන බවයි.

මේ වනවිට බොරතෙල් නැවක් පැමිණ ඇති නමුත් නෞකාවේ අඩංගු බොරතෙල් ගොඩබෑම දිගින් දිගටම ප්‍රමාද කර ඇති බවත් නෞකාවට ගෙවීමට ඇති ප්‍රමාද ගාස්තු පමණක් ඇමරිකානු ඩොලර් ලක්ෂ 33 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ආනන්ද පාලිත පවසයි.

එම මුදල් ප්‍රමාණය ගෑස් නෞකාවක් මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් වන බවත් ඔහු එහිදී අවධාරණය කළේය.