විවිධ ඖෂධ සමාගම් විසින් මිල ගණන් අසීමාන්තික ලෙස ඉහළ දමා ඇති පසුබිමක රෝගීන් මෙන්ම තමන්ද දැඩි අපහසුතාවට පත්ව ඇති බව පෞද්ගලික ඔසුසැල් හිමියන් පවසයි.
මේ අතර සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන චෝදනා කළේ ඖෂධවල මිල නියාමනයට ජාතික ඖෂධ නියාමන අධිකාරියට බලය පැවතියත් ඔවුන් කිසිදු ක්රියාමාර්ගයක් නොගන්නා බවයි.