25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෆාතිමාගේ ඝාතකයා සියල්ල පාපොච්චාරණය කරයි

ෆාතිමාගේ ඝාතකයා සියල්ල පාපොච්චාරණය කරයි

අටලුගම ප්‍රදේශයේදී 9 හැවිරිදි ෆාතිමා ආයිෂා නැමැති දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් තරුණයා පොලීසිය හමුවේ සියල්ල පාපොච්චාරණය කර තිබේ.

දැරිය පැහැරගෙන යන විට තමා කිසිවක් නොකළ බවට සැකකරු පාපොච්චාරණය කර ඇති අතර ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම පැහැර ගැනීම පිළිබඳව තම පවුලේ අයට පැවසීමට ඇති බිය නිසා ඔහු දැරිය ඝාතනය කළ බවයි.

මෙම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයට ලිංගික හිරිහැරයක් සිදුවී නොමැති බව අනාවරණය වූ බව පොලිසිය පවසයි.

අදාළ පුද්ගලයා දරුවන් තිදෙනෙකුගේ පියෙකු බව අනාවරණය වී තිබේ.