27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහඳුනා නොගත් දළඹු විශේෂයක් ගමක් ආක්‍රමණය කරයි

හඳුනා නොගත් දළඹු විශේෂයක් ගමක් ආක්‍රමණය කරයි

දඹුල්ල රත්මල්ගහඇල ප්‍රදේශයේ කුඹුරු යායකට හඳුනා නොගත් දළඹු වර්ග කීපයක් බෝවීම හේතුවෙන් පැල ගොයම විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇතැයි ගොවීහු පවසති.

රාත්‍රී කාලයේ මෙන්ම සවස් කාලයේ, අලුයම් කාලයේ මෙම දළඹුවන් තම කුඹුරට පැමිණ සේනා දළඹුවන් ගොයම් පත්‍ර ආහාරයට ගැනීම බහුලව සිදු වෙන බව ඔවුහු පෙන්වා දෙනවා.

දඹුල්ල රත්මල්ගහඇල ප්‍රදේශයේ ගොවීන් කියා සිටින්නේ සේනා දළඹුවා නොව “මහසෝනා” පැමිණි ආකාරයට පැය කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම ගොයම් ගසේ පත්‍ර කා දැමීමට මෙම දළඹු විශේෂයට හැකියාවක් පවතින බවයි.

කොළ පාට, කහ පාට, දුඹුරු පාට කළු පාට විවිධ වර්ණ සහ හැඩයන් යටතේ මෙම දළඹුවන් බෝ වීම සිදුවන බවත් දිවා කාලය වන විට මෙම සතුන් සැගවී සිට රාත්‍රී කාලය වන විට සක්‍රිය වී පත්‍ර ආහාරයට ගන්නා බව ඔවුහු පවසති.

විශේෂයෙන් මෙම දරුණු දළඹු විශේෂය මර්දනය සඳහා ගොවීන් ඉන්දියාවෙන් ගෙන්වා ඇති කෘමිනාශක කුඩු වර්ගයක් ඉසිමින් තම වගාවන් බේරා ගැනීමේ සටනක යෙදී සිටිනවා.

කෙසේ වෙතත් මෙම දළඹු විශේෂ කිහිපය ව්‍යාප්ත වන්නට පෙර වහාම මේ පිළිබඳව සොයා බලා කඩිනම් විසඳුම් ලබා නොගත්හොත් ඉදිරියේදී ආහාර අර්බුදයට මෙම දළඹු විශේෂය විශාල බලපෑමක් ගෙනදෙන බව ගොවින් පෙන්වා දෙයි.