― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසත්වෝද්‍යානවල සතුන්ට ආහාර දීමත් අර්බුදයක

සත්වෝද්‍යානවල සතුන්ට ආහාර දීමත් අර්බුදයක

මෙරට සත්වෝද්‍යාන තුළ රඳවා සිටින සතුන්ට ආහාර ලබාදීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන නොමැති බවත් සතුන්ගේ ආහාර වෙනුවෙන් මෙම වසරට වෙන්කළ මුදල් අවසන්ව ඇති අතර ඊට අමතරව මිලියන 59ක හිඟ මුදල් ගෙවීමට තිබෙන බවත් සත්වෝද්‍යාන බළධාරීන් පවසයි.

වනජීවී දෙපාර්තමේන්තුවේ අද (31) පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.

මෙම වසරේ ඉදිරි කාලය තුළ සතුන්ට ආහාර දීම සඳහා රුපියල් මිලියන 120ක්වත් ලබාදෙන ලෙස සත්වෝද්‍යාන බළධාරීන් එහිදී ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

විදේශ සංචාරකයන්ගේ පැමිණීම අවම වීම, ඉන්ධන ගැටලුව ඇතුළු අර්බුද හේතුවෙන් දේශීය සංචාරකයන්ගේ පැමිණීම අවම වීම ඇතුළු කරුණු හේතුවෙන් සත්වෝද්‍යානවල ආදායම අඩුවීම සහ ආහාර ද්‍රව්‍යවල මිල දිනෙන් දිනම ඉහළ යාම හේතුවෙන් වෙන්කරන මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව එම සාකච්ඡාවේදී හෙළි විය.

අදාළ මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවට ඇමතිවරයා එහිදී පොරොන්දුවක් ලබා දී තිබේ.