28 C
Colombo
Sunday, October 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය ආධාර රැගත් දුම්රිය යාපනයට

ඉන්දීය ආධාර රැගත් දුම්රිය යාපනයට

ඉන්දියාවේ තමිල්නාඩුවෙන් එවන ලද ආධාර රැගත් විශේෂ භාණ්ඩ දුම්රියක් ඊයේ (31) උදෑසන යාපනය දුම්රිය ස්ථානයට ළඟා වූ බව යාපනය දිසාපති කේ. මහේෂණ් පැවසීය.

එලෙස පැමිණි භාණ්ඩ දුම්රියෙන් කිරිපිටි කිලෝ 7500ක් සහ සහල් උර 20,000 ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙලෙස රැගනවිත් ඇති අතර එම ආධාර අද සිට ආර්ථික අපහසුතා සහිත දිළඳු පවුල් වෙනුවෙන් බෙදා හැරීමට පියවර ගෙන ඇති බව යාපනය දිසාපති කාර්යාලය පවසයි.

ඒ අනුව යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ප්‍රදේශ භාර ග්‍රාමසේවක නිලධාරීන්ගේද සහය ඇතිව ඉන්දීය ආධාර ඉදිරි දින කිහිපයේදී බෙදා හැරීමට පියවර ගෙන තිබේ.