27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසා. පෙළ සිසුවිය අපයෝජනය කළ විභාග නිරීක්ෂක ගැන දැඩි තීරණයක්

සා. පෙළ සිසුවිය අපයෝජනය කළ විභාග නිරීක්ෂක ගැන දැඩි තීරණයක්

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවියක අතවරයකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විභාග කොමසාරිස්වරයාට නියෝග කර තිබේ.

පසුගිය 25 වැනිදා නාච්චදූව, හිදෝගම කළුවිල සේන මහා විද්‍යාලයේ විභාග ශාලාවේදී මෙම සිසුවිය සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි අවස්ථාවේදී ප්‍රශ්න පත්‍රයට පිළිතුරු කියාදෙන මුවාවෙන් විභාග නිරීක්ෂකවරයෙකු ඇයට ලිංගික අතවර කර තිබිණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සිසුවිය, සිය මව සමග පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණාය.

අදාළ නිරීක්ෂකවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එම වාර්තාවට අනුව වින්දිත සිසුවියගේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර විභාග ශාලාධිපතිගේ, සහකාර විභාග ශාලාධිපතිගේ, චූදිත නිරීක්ෂකගේ සහ එම අවස්ථාවේ ශාලාවේ විභාගයට පෙනී සිටි සෙසු අපේක්ෂකයන්ගේ ද ප්‍රකාශ ලබාගෙන ඇතැයි වාර්තා වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින්ද විධිමත් පරීක්ෂණයක් සිදුකොට අදාළ චූදිතයාට එරෙහිව විනය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කරයි.