28.4 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකාවේ ආණ්ඩුකාරවරුන්ට චීනයෙන් බලපෑම්

අමෙරිකාවේ ආණ්ඩුකාරවරුන්ට චීනයෙන් බලපෑම්

අමෙරිකාවේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රතිපත්ති කෙරෙහි බලපෑම් එල්ල කිරීමේ ඉලක්කයකින් චීනය කටයුතු කරන බව අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කර ඇත. එම ඉලක්කය ඇතිව චීන බුද්ධි අංශ මෙහෙයුම් අමෙරිකාව තුළ ආක්‍රමණශීලී අයුරින් ක්‍රියාත්මක වන බව හිටපු රාජ්‍ය ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ දින දහසක කාලයක් අමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ පොම්පියෝ චීනයට වාසිදායක වාතාවරණයක් තම රට තුළ නිර්මාණය කිරීමට උත්සාහ කරමින් සිටින බව බුද්ධි අංශ වාර්තාවකින් අනාවරණය වී ඇතැයි වොෂින්ටන් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කළේය.

මූල්‍යමය වශයෙන් සහ විවිධ බලපෑම් වශයෙන් චීනය ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් සිය අභිමතයට නතු කරගැනීමට උත්සාහ දරමින් සිටින බව සිය සේවා කාලය තුළ අමෙරිකාවේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් 40කට පමණ අනතුරු ඇඟවීමක් කළ බවත් පොම්පියෝ සිහිපත් කළේය.