ගුවනින් එල්ල විය හැකි තර්ජන මැඬ පැවැත්වීමේ අරමුණින් සිය මිසයිල ශක්තිය වර්ධනය කිරීමට අවධානය යොමු කර ඇතැයි ජපානය නිවේදනය කර තිබේ. චීනය විසින් වැඩි දියුණු කරමින් තිබෙන හමුදාමය ක්‍රියාකාරකම් හේතුවෙන් ජපානය මේ පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
චීනය පසුගිය සතියේදී න්‍යෂ්ටික බලයෙන් යුතු අධිවේගී මිසයිලයක් අත්හදා බැලූ අතර, එය අමෙරිකාව ඇතුළු බොහෝ රටවල විමතියට කරුණක් වී තිබිණි. චීනය සිදු කළ එම මිසයිල අත්හදා බැලීම අසාර්ථක වූවද , එවැනි අධිවේගී න්‍යෂ්ටික බලයෙන් යුතු මිසයිලයක් හදිසියේම අත්හදා බැලීමට චීනය කටයුතු කිරීම ගැටලු සහගත කරුණක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කළේය.චීනය විනිවිදභාවයකින් තොරව කටයුතු කරන බව සඳහන් කරන ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම් මට්සුමෝ හිරෝකසු අඛණ්ඩව සිදු කරන චීන අත්හදා බැලීම් සහ හමුදා ක්‍රියාකාරකම් කලාපීය හා ගෝලීය වශයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු කරුණක් බව සඳහන් කර ඇත.