― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලංකාව IMF එකෙන් ඩොලර් බිලියන තුනක් ඉල්ලයි

ලංකාව IMF එකෙන් ඩොලර් බිලියන තුනක් ඉල්ලයි

අමෙරිකානු ඩොලර් බිලියන තුනක පමණ ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හැකි ඉක්මනින් ලබාගැනීමේ වැඩපිළිවෙලක් කෙරෙහි ශ්‍රී ලංකා රජයේ අවධානය මේ වන විට යොමු වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ මෙම ඩොලර් බිලියන තුනක ණය මුදල ලබාගැනීමට සැලසුම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.

එම ණය මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් තවත් තාක්ෂණික සාකච්ඡා වටයක් මෙම මස මුල් සතියේ පැවැත්වීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.

නමුත් මීට පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම සඳහා ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට අවශ්‍ය බව සහ ඒ සඳහා ශ්‍රී ලංකා රජය ඔවුන් දිරි ගන්වන බවයි.

ඒ පිළිබඳව ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබේ. මීට සමගාමීව ආදායම් ඉහළ නැංවීම සඳහා බදු සංශෝධන ඉදිරිපත් කිරීම, Vඇඨ් බද්ධ ඉහළ නැංවීම වැනි යෝජනාද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රි ලංකාවට පසුගියදා ඉදිරිපත් කර තිබුණි.

මේ යෝජනා අනුව යමින් සියලු භාණ්ඩ හා සේවා මත මෙතෙක් 8% පැවති වැට් බදු අනුපාතය 12% දක්වා ඉහළ නැංවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කළේය.