― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිභාග කොමසාරිස්ගෙන් කැකිල්ලේ නඩු තීන්දුවක්

විභාග කොමසාරිස්ගෙන් කැකිල්ලේ නඩු තීන්දුවක්

කුඩ ඉහළා ගනිමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ සහ තෙතබරිත වූ ප්‍රශ්න පත්‍රවල ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍ය ජාලාවලට මුදා හැරීමට කටයුතු කළ බව කියන ගම්පහ තක්ෂිලා මහා විදුහල් විභාග මධ්‍යස්ථානයේ විභාග නිරීක්ෂකයකුට නීතිමය කටයුතු කිරීමට විභාග කොමසාරිස්වරයා කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

එමෙන්ම වර්ෂාවෙන් ආරක්ෂා වී විභාගයට පෙනී සිටීම සඳහා සිසුන්ට පහසුකම් නොසැලසීම සම්බන්ධයෙන් එම විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිනියකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටද දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

තවද පාසලේ හොඳම තත්ත්වයේ ශාලා තිබියදී සුළු වර්ෂාවකදී පවා ජලය කාන්දු වන ශාලාවක් විභාගය සඳහා වෙන් කිරීම සම්බන්ධයෙන් එහි විදුහල්පතිනියට අදාළව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දීමටද දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

එම ඡායාරූප ගෙන තිබුණේ පෙරේදා (31) පෙරවරුවේ පැවැති අධික වර්ෂාව මධ්‍යයේ සංගීත විෂය ප්‍රශ්න පත්‍රයට සිසුන් පෙනී සිටි අවස්ථාවේදීය. ටික වෙලාවක් එලෙස පිළිතුරු ලිවීමට ඉඩ දීමෙන් පසු ශාලාධිපතිනිය වෙනත් විභාග ශාලාවක් සකස් කර සිසුන් ඒ සඳහා යොමු කර තිබේ.

ඒ අතරතුර එම ශාලාධිපතිනිය සිසුන්ගේ එම ඡායාරූප කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයකුට සිය ජංගම දුරකථනයෙන් යවා තිබෙන අතර ඒ සම්බන්ධයෙන්ද අවශ්‍ය පියවර ගන්නා බවත් දෙපාර්තමේන්තුව පවසයි.

මෙවැනි අවස්ථාවකදී ගත යුතු ක්‍රියාමාර්ග නොසලකමින් කෙටි වෙලාවක් හෝ සිසුන්ට අපහසුවෙන් විභාගයට පෙනී සිටීමට ශාලාධිපතිනිය ඉඩ දී ඇත්තේ වුවමනාවෙන් විය හැකි යැයිද සිසුන් වෙනත් ශාලාවකට යොමු කරන විටත් එම ඡායාරූප සමාජ මාධ්‍ය ජාලාවලට මුදා හැර තිබූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වුවද මෙම ශාලාවේ සිසුන්ගේ පිළිතුරු පත් පරීක්ෂා කිරීම සඳහා වෙනම මණ්ඩලයක් පත් කරන බවත් සිසුන්ට කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත් මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන පවසා තිබේ.

කෙසේවෙතත් මේ වන විට විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්.ඩී. ධර්මසේන ඇතුළු විභාග දෙපාර්තමෙන්තුව සමාජ මාධ්‍ය තුළ බරපතල ලෙස විවේචනයට ලක්වෙමින් තිබේ.

ඉන් ප්‍රධාන වන්නේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය, විද්‍යාව හා ඉංග්‍රීසි විශයන්හි ප්‍රශ්න පත්‍ර වෙනත් වර්ෂවලට සාපෙක්ෂව දැඩි වෙනසකට ලක්ව තිබීමයි.
ඒ අනුව 2021 සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට එම විෂයන් සඳහා පිළිතුරු සැපයීම ඉතා අසීරු වූ බව වාර්තා විය.

එම දරුවන්ට මෙවැනි අසීරු ප්‍රශ්න පත්‍ර ලබාදී තිබුණේ 2020 සහ 2021 වසරවලත් මේ වසරේත් සමාජ ආර්ථික අස්ථාවරත්වයක රට තිබියදී මෙන්ම විෂය නිර්දේශවලින් 25%ක් ආවරණය නොකොට තිබියදීය.

ඒ වසර දෙකේ නොකෙරුණු පාඩම් සම්පූර්ණ නොකර මේ 2022 වසරේ පාඩම් කළ නොහැකි බව ගුරුවරුන් පමණක් නොව විභාග දෙපාර්තමේන්තුවද දන්නා බවට අධ්‍යාපන විශේෂඥයෝ තර්ක කරති.

මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සියල්ල සූදානම් බවට විභාග කොමසාරිස්වරයා පම්පෝරි ගසා තිබුණද, ඉකුත් විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසේ තිබූ දෝෂයක් සකසා තිබුණේ ළමුන්ට එම ප්‍රශ්නපත්‍රය බෙදීමෙන් පසුව ළමුන් ළවාමය.