30.6 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රීරෝද රථ රියදුරන්ට අගමැතිගෙන් සහනයක්

ත්‍රීරෝද රථ රියදුරන්ට අගමැතිගෙන් සහනයක්

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන ලබාදීම ඉදිරියේදී ගැටලුවක් නොවන ආකාරයෙන් පවත්වාගෙන යාමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) පස්වරුවේ ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයන් සමඟ පැවති රැස්වීමකදීය.

රටට මාසයකට අවශ්‍ය ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 500ක් අවශ්‍ය බවත් ත්‍රීරෝද රථ නියාමන ආයතනයක් පිහිටුවීම සඳහා සහයෝගය ලබාදීමටද අගමැතිවරයා එහිහිදී එකඟත්වය පළ කළේය.

ඉදිරියේදී රට මුහුණ දෙන අර්බුදය හමුවේ ත්‍රීරෝද රථ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.