― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොවිඩ් අරමුදල ගැන ජනපති තීරණයක් ගනී

කොවිඩ් අරමුදල ගැන ජනපති තීරණයක් ගනී

කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී තිබේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව කඩිනමින් අවධානයට ලක්විය යුතු කරුණු සම්බන්ධයෙන් අද (03) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

කොවිඩ් පාලනය සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් මෙම ‘ඉටුකම’ අරමුදලට විශාල මුදල් ප්‍රමාණයක් ලැබුණු අතර මේ වනවිට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වී ඇති බැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය හැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 234ක් දේශීයව නිෂ්පාදනය කෙරෙයි. ලෝක වෙළෙඳපොළෙහි ඖෂධ මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන දේශීයව කෙරෙන ඖෂධ නිෂ්පාදන කටයුතු කඩිනමින් ඉහළ නැංවීමටත් ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දීය ණය ආධාර යටතේ ලබාගැනීමටත් ඇති හැකියාව ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

ඖෂධ සහ වෛද්‍ය උපකරණ ආනයනය සඳහා මූලාශ්‍ර කිහිපයකින් මූල්‍ය ප්‍රතිපාදන ලැබෙමින් පවතින අතර යෝජිත අයවැයෙන්ද ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ගැනීමට සැලසුම් කර ඇතැයි රජය පවසයි.

දැනට පවතින ප්‍රගතිය මත ඉදිරි තෙමස ඇතුළත සෞඛ්‍යය ක්ෂේත්‍රයේ කටයුතු යථා තත්ත්වයට පත්වනු ඇතැයි නිලධාරීන් පෙන්වා දුන්නේය.