29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගමැති සහ IMF කළමනාකාර අධ්‍යක්ෂ අතර දුරකථන සංවාදයක්

අගමැති සහ IMF කළමනාකාර අධ්‍යක්ෂ අතර දුරකථන සංවාදයක්

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සමඟ ඊයේ (07) සවස දුරකථන ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

IMF කාර්ය මණ්ඩල මට්ටමේ නියොජිත කාණ්ඩයමට හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසත් එවිට කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අවසන් කිරීමට හැකි බවත් අග්‍රාමාත්‍යවරයා එම දුරකථන සංවාදයේදී ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව සහ IMF කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් අවසන් කිරීම මත මූල්‍ය සම්බන්ධතා සාකච්ඡා රඳා පවතින බව එහිදී අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.

මෙම සාකච්ඡාවේ දී IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකාවට සහය පළ කිරීමට කැමැත්ත ප්‍රකාශ කළ බවද වාර්තා වේ.