― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදුලි බිල ගැන ඇමති කංචන දැඩි තීරණයක් ගනී

විදුලි බිල ගැන ඇමති කංචන දැඩි තීරණයක් ගනී

විදුලි බිල ඉහළ දමන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තමබින් අමාත්‍යවරයා කියා සිටියේ පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලසුම්වලට ලංවිම සහය නොදක්වන බැවින් මෙම තීරණය ගත් බවයි.

විදුලිබල මණ්ඩලය පුනර්ජනනීය ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට ඉඩ දිය යුතු අතර ඔවුන්ගේම වැටුප් ගෙවීම සඳහා ගාස්තු වැඩි කරනවාට වඩා විදුලි උත්පාදන පිරිවැය අඩු කළ යුතු බව ඔහු එම සටහනෙන් පෙන්වා දී තිබේ.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ සෑම වසර 3කට වරක්ම තමන්ගේ වැටුප් 25%කින් වැඩි කිරීමට ලංවිමට සාමූහික ගිවිසුමක් ඇති බවයි. පුනර්ජනනීය බලශක්තිය හෝ විදුලි උත්පාදනයේ පිරිවැය අඩු කිරීම සඳහා කිසිදු සැලසුමක් නොමැතිව වැටුප් හා උත්පාදන පිරිවැයේ අධික පිරිවැය එමගින් පාරිභෝගිකයින් මත පැටවෙන බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

කෙසේවෙතත් අමාත්‍යවරයා අවධාරණය කරන්නේ මෙම ක්‍රමය වෙනස් විය යුතු බවයි.