29.5 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්දපෝෂණ තත්තවයේ වර්ධනයක් - මෙරට පවුල් 80%ක් කන්නේ අඩුවෙන්

මන්දපෝෂණ තත්තවයේ වර්ධනයක් – මෙරට පවුල් 80%ක් කන්නේ අඩුවෙන්

මෙරට පවුල්වලින් සියයට 80කට වැඩි ප්‍රමාණයක් නියමිත ප්‍රමාණයට අඩුවෙන් සහ ගුණාත්මක බවින් අඩු ආහාර ලබාගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන නවතම වාර්තාවක් නිකුත් කරමින් මේ බව පෙන්වා දී ඇත අතර පවතින තත්වය යටතේ මන්දපෝෂණයේ වර්ධනයක් දැකිය හැකි බව එම වාර්තාවෙන් වැඩිදුරටත් දක්වා තිබේ.

පසුගිය කන්න දෙකෙහිම ආහාර නිෂ්පාදනය වාර්තාගත ලෙස අඩුවීම හේතුවෙන් ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය අවදානමට ලක්ව ඇති බවද එම වාර්තාවේ සඳහන්ය.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ප්‍රජාවගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 47.2ක මුදලක් ඉල්ලා ඒකාබද්ධ මානූෂිය අවශ්‍යතා සහ ප්‍රමුඛතා ලැයිස්තුවක් දියත් කර ඇති අතර එම මුදලෙන් ලාංකික ජනතාවට ආධාර ලබා දීමට නියමිතය.