30 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදින තුනකින් තවත් ඩීසල් නැවක් මෙරටට

දින තුනකින් තවත් ඩීසල් නැවක් මෙරටට

ඉදිරි දින තුන ඇතුළත තවත් ඩීසල් රැගත් නෞකාවක් මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් අමාත්‍යංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ පෙට්‍රල් රැගත් නෞකාවක් සඳහා ඇනවුම් කිරීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවයි.

රට තුළ ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවට ඛනිජ තෙල් අමාත්‍යංශය යළිත් තහවුරු කළේය. මේ අතර ප්‍රවාහනය සඳහා ලැබන ඉන්ධන ඇනවුම් ප්‍රමාණය අඩුවී ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව මේ වන විට බෙහෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති බව එහි සමලේකම් ශාන්ත සිල්වා පැවසීය. ඉන්ධන නොපැවතියද පිරවුම්හල් ආශ්‍රිත පෝලිම් තවත් දීර්ඝ වී ඇති බව සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු පවසයි.