33 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකුසගින්නට දරුවන් විකුණන ඇෆ්ගන් වැසියෝ

කුසගින්නට දරුවන් විකුණන ඇෆ්ගන් වැසියෝ

ඇෆ්ගනිස්ථානය තලෙයිබාන් පාලනයට නතු වීමෙන් පසු එරට ජන ජීවිතය දිනෙන් දින දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වෙමින් පවතියි.මේ වන විට තමන්ගේ දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට පවා එරට බහුතරයකට හැකියාවක් නොමැති තත්ත්වයක පවතියි.
 
තමන්ගේ දෛනික අවශ්‍යතා පිරි මසා ගැනීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමේ අරමුණින් මාස ගණනක බිළිදියක් අලෙවි කළ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් අද වාර්තා විය.
 
ආහාර පාන නොමැතිකම හේතුවෙන් කුසගිනි නිවා ගැනීමට තම දරුවා ඇමරිකා ඩොලර් පන්සියයකට අලෙවි කිරීමට එම දෙමව්පියන් කටයුතු කර ඇති බවයි බිබිසි පුවත් සේවය සදහන් කරයි
 
කෙසේ වුවද එම බිළිදිය මේ වනවිට බලධාරීන් භාරයට පත්ව සිටින අතර ඇය ප්‍රතිකාර සදහා හෙරට් නගරයේ රෝහලකට යොමු කර තිබෙයි
 
 එරට පවත්නා ආහාර අර්බුදය හේතුවෙන් මිලියන ගණනක ජනතාවක් කුස ගින්නේ මිය යා හැකි බවට ද ජගත් සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන ඊයේ අනතුරු අගවා ඇත.