25 C
Colombo
Tuesday, December 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමාජ ආරක්ෂණයට අලුත් බද්දක්

සමාජ ආරක්ෂණයට අලුත් බද්දක්

වසරකට මුළු පිරිවැටුම රුපියල් මිලියන 120 ඉක්මවන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙළඳුන් සහ සිල්ලර වෙළඳුන් සඳහා 2.5%ක අනුපාතයක් යටතේ නව බද්දක් වශයෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පත සකස් කර ඇති අතර එය රජයේ ගැසට් පත්‍රයේ පළකර පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිව හිමිව ඇත.

2022 අයවැය යෝජනාවක් අනුව මෙය ක්‍රියාත්මක වේ.