― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඔස්ට්‍රේලියානු රජය අවම වැටුප ඉහළ දමයි

ඔස්ට්‍රේලියානු රජය අවම වැටුප ඉහළ දමයි

ඔස්ට්‍රේලියානු රජය එරට පුරවැසියන්ගේ අවම වැටුප ඉහළ දැමීමට තීරණය කර තිබේ.

එරට වැටුප් කොමිසම පවසන්නේ ඉහළ යන ජීවන වියදම හා ඇතැම් රැකියාවල පවතින දැඩි සේවක හිඟය සඳහා පිළියමක් ලෙස මෙම තීරණයට එළඹි බවයි.

ඒ අනුව සේවකයෙකුගේ අවම වැටුප ඔස්ට්‍රේලියානු ඩොලර් 21.38ක් දක්වා ඉහළ යනු ඇත. 5.2% ක අගයකින් අවම වැටුප ඉහළ දමා ඇති අතර ඒ හරහා අවම වැටුප් ලබන සේවකයෙකුට සතියකට ආසන්න වශයෙන් ඩොලර් 40 ක මුදලක් උපයා ගැනීමට හැකිවනු ඇත.

වත්මන් අගමැති ඇන්තනී ඇල්බනීස් මැතිවරණයට පෙර ප්‍රකාශ කළේ තමා බලයට පත් වුවහොත් 5.1% ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බවයි. එම මැතිවරණ පොරොන්දුව යථාර්ථයක් බවට පත් කරමින් මෙම වැටුප් ඉහළ දැමීම සිදුකර තිබේ.

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යමින් තිබෙන අතර ඉතා මෑතකදී උද්ධමනය 06% ක් දක්වා ඉහළ යනු ඇතැයි උපකල්පනය කර තිබේ.