31 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගම්පහට පැය 16ක ජල කප්පාදුවක්

ගම්පහට පැය 16ක ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද (15) පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද පස්වරු 2.00 සිට හෙට උදෑසන 6.00 දක්වා පැය 16 ක් ගම්පහ මහ නගර සභා සීමාව, කොළඹ – නුවර මාර්ගයේ මිරිස්වත්ත හන්දියේ සිට අළුත්ගම බෝගමුව පල්ලිය පාර දක්වා ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

කොළඹ – නුවර මාර්ගයේ යක්කල පාලමේ ජල නල පද්ධතියේ වැඩි දියුණු කිරීමක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.