― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතේ බීම අඩු කරන්නැයි පාකිස්ථානය කියයි

තේ බීම අඩු කරන්නැයි පාකිස්ථානය කියයි

පාකිස්තානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකින් බැටකන අතර තේ සහ කිරි තේ පානය අඩු කරන්නැයි පාකිස්තාන රජය එරට ජනතාවට පවසා තිබේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් එරට විදේශ මුදල් සංචිත ඉතා වේගයෙන් අඩු වීමට පටන්ගෙන ඇති අතර ඒ හේතුවෙන් ආනයන වියදම් කප්පාදු කිරීමටද එරට රජයට සිදුවී තිබේ.

ලොව විශාලතම තේ ආනයනකරුවකු ලෙස පාකිස්තානය සැලකෙන අතරම පසුගිය 2021 වසරේ පමණක් පාකිස්තාන රජය ඩොලර් මිලියන 600 කට වඩා වැඩි මුදලක් තේ මිලදී ගැනීම සඳහා වැය කර ඇති බව එරට මාධ්‍ය පවසයි.

විදේශ සංචිත ප්‍රමාණවත්ව ඇත්තේ මාස දෙකක් සඳහා භාණ්ඩ ඇණවුම් කිරීමට පමණක් බවත් එම විදෙස් සංචිත යොදා ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී ගැනීමට කටයුතු කරන බවත් පාකිස්තාන රජය වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මේ වනවිට පාකිස්තානය විදුලිය අර්බුදයකට ද මුහුණ පා සිටින අතර ප්‍රධාන නගර සහ පළාත්වල පැය 8 කට වැඩි කාලයක් ද පිට පළාත්වල පැය 12 ක කාලයක් ද විදුලිය කප්පාදු කෙරේ.