― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය දිගු වෙයි

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය දිගු වෙයි

මානව හිමිකම් සම්බන්ධයෙන් පුර්වගාමී කොමිෂන් සභාවල හා කමිටුවල තීරණය ඇගයිම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවත් මාස 03 කින් දීර්ඝ කර තිබේ.

එම කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කරමින් අදාළ විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 10 වනදා දිනය.

ඒ අනුව ජුනි මස 21 වන දිනෙන් අවසන් වීමට තිබු අදාළ කොමිෂන් සභාවේ කාලය මේ වසරේ සැප්තැම්බර් 21 වන දික්වා දීර්ඝ කර ඇත.

2021 ජනවාරි මස 21 වන දින පිහිටුවනු ලැබු මෙම කොමිෂන් සභාව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩි.නවාස්, විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන අය පත් කර තිබුණි.