31.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය දිගු වෙයි

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය දිගු වෙයි

මානව හිමිකම් සම්බන්ධයෙන් පුර්වගාමී කොමිෂන් සභාවල හා කමිටුවල තීරණය ඇගයිම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවත් මාස 03 කින් දීර්ඝ කර තිබේ.

එම කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කරමින් අදාළ විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 10 වනදා දිනය.

ඒ අනුව ජුනි මස 21 වන දිනෙන් අවසන් වීමට තිබු අදාළ කොමිෂන් සභාවේ කාලය මේ වසරේ සැප්තැම්බර් 21 වන දික්වා දීර්ඝ කර ඇත.

2021 ජනවාරි මස 21 වන දින පිහිටුවනු ලැබු මෙම කොමිෂන් සභාව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩි.නවාස්, විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන අය පත් කර තිබුණි.