ලිට්‍රෝ සමාගම ගෑස් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව ඕමාන සමාගමකට ලබාදීමට තීරණය කර තිබේ.
මෙම කොන්ත්‍රාත්තුව සඳහා තායිලන්ත සමාගමක් ඇමරිකානු ඩොලර් 112 බැගින් මිල ඉදිරිපත් කර තිබූ අතර ඕමාන් සමාගම ඩොලර් 129 බැගින් මිල ඉදිරිපත් කර තිබිණි. ඕමාන් සමාගමේ මිල ගණන් වැඩි නමුත් ඔවුන්ගෙන් ගෑස් මිලදී ගැනීම ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් පවසයි.
තායිලන්ත සමාගම මිල ගණන් ඉදිරිපත් කර තිබුණේ මෙට්‍රික් ටොන් 6000 කට පමණක් වන අතර ඕමාන් සමාගම මාස හතරක් තුළ මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබාදීම සඳහා මිල ගණන් ඉදිරිපත් කර තිබිණි.
මෙය දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් බැවින් ඕමාන් සමාගම තෝරා ගැනීමට තීරණය කළ බව සභාපතිවරයා අවධාරණය කළේය.