― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරට පුරා දරුණු රෝගයක් ව්‍යාප්ත වෙයි

රට පුරා දරුණු රෝගයක් ව්‍යාප්ත වෙයි

පසුගිය සති හතරක කාලය තුළ දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශයේ ඉන්ෆ්ලුවන්සා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වී ඇති අතර මේ වන විට කලවාන රෝහලට රෝගීන් 103 දෙනෙකු වාර්තා වී ඇති බව පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය සඳහන් කළේය.

පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා කාලය තුළ ඉන්ෆ්ලුවන්සා රෝගය වැළඳුනු රෝගීන් 14 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් බහුතරය වයස අවුරුදු 75ට වැඩි පුද්ගලයින් බව අනාවරණය වී තිබේ.

මෙම ඉන්ෆ්ලුවන්සා රෝගය සාමාන්‍ය පුද්ගලයෙකුට වැළඳුන හොත් සාමාන්‍ය උණ, කැස්ස, හෙම්බිරිස්සාව, උගුරේ වේදනාවක්, ඇඟපත වේදනාවක් තිබෙන බවත් එය දින තුන හතරකට පසු සුව වන බවත් පෙන්වා දෙන වෛද්‍යවරයා ගර්භණී කාන්තාවන්, වැඩිහිටි පුද්ගලයින්, අවුරුදු දෙකට වඩා අඩු දරුවන්, නිදන් ගත රෝග දීර්ඝ කාලීන් ඇඳුම වැනි රෝග ඇති පුද්ගලයින්ට මෙම රෝගය වැළදුනහොත් මෙය නිව්මෝනියා තත්වයට වර්ධනය වීමේ සම්භාවිතාව වැඩි බවත් පෙන්වා දුන්නේය.

මේ වන විට පැතිර යන මෙම වෛරස් තත්ත්වය ඉන්ෆ්ලුවන්සා ඇ වෛරසය බවට හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ ප්‍රකාශ කළේය.

ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එකක් දෙකක් වගේ සෙම් පටල නියැදි හම්වෙලා තියෙනවා. කලවානේ තමයි වැඩිපුර සෙම්පටල ඇවිල්ලා තියෙනවා ඒකෙන් වැඩි ප්‍රමාණයක් ඉන්ෆ්ලුවන්සා “ඒ” කියලා හඳුනාගෙන තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට හැදුණොත් ඒක උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාවක් එහෙම නැත්නම් ඇඟපත වේදනාවක් තියලා දවස් තුන හරකින් සාමාන්‍යයෙන් හොඳවෙනවා. නමුත් විශේෂයෙන් ගැබිනි මව්වරුන් හා වැඩිහිටියන් බහුල වශයෙන් ආසාධනයට පත්වෙනවා. ඒ වගේම කුඩා ළමුන්.