― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅමෙරිකාවෙන් ඩොලර් මිලියන 06ක හදිසි ආධාරයක්

අමෙරිකාවෙන් ඩොලර් මිලියන 06ක හදිසි ආධාරයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වූ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඩොලර් මිලියන 6 ක හදිසි ආධාරයක් ලබා දෙන බව එක්සත් ජනපදය අද නිවේදනය කළේය.

අපේක්ෂිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පැකේජයකට අනුකූලව ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බැවින් මෙම නව අරමුදල් ශ්‍රී ලංකා රජයට තාක්ෂණික සහාය ද ලබා දෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

“අද පවතින ආර්ථික හා දේශපාලන අභියෝගවලට මුහුණ දෙන ශ්‍රී ලාංකික ජනතාවට සහය දැක්වීමට එක්සත් ජනපදය කැපවී සිටිනවා. දිගුකාලීන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස, තිරසාර ආර්ථික වර්ධනයක් සහ යහපාලනයක් ප්‍රවර්ධනය කරන ප්‍රයත්නයන් ප්‍රවර්ධනය කිරිමට අඛණ්ඩව කටයුතු කරනවා”යැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් පැවසීය. 

 ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා මෙම හදිසි අරමුදල් ලබාදෙයි.  මෙම අරමුදල්වලින් කොටසක් සාම්ප්‍රදායිකව ඉහළ දරිද්‍රතා අනුපාත අත්විඳින සහ විශේෂයෙන් අර්බුදයෙන් පීඩාවට පත් ප්‍රජාවන්හි කුඩා පරිමාණ කෘෂිකාර්මික ඵලදායිතාව සහ ක්ෂුද්‍ර ව්‍යවසාය සඳහා සහාය වීම සඳහා USAID හි සමාජ ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන ව්‍යාපෘතිය (SCORE) වෙත යොමු කරනු ඇත.