― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට ජනතාවගේ පෝෂණ මට්ටම පහළට

මෙරට ජනතාවගේ පෝෂණ මට්ටම පහළට

මෙරට ජනතාවගේ පෝෂණ තත්ත්වය පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කළ බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය පවසයි.

එහි පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පැවසුවේ දීප ව්‍යාප්තව මෙම සමීක්ෂණය සිදුකරන බවයි.

මෙරට ආර්ථික අර්බුදයත් සමග හටගත් ආහාර අර්බුදය හේතුවෙන් ජනතාවගේ පෝෂණ තත්ත්වයේ පහළ යාම පිළිබඳ නිවැරදි දත්ත ලබා ගැනීම මෙහි අරමුණ වී තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේ කළ සමීක්ෂණයකදී හෙළි වූයේ මෙරට ළමුන්ගේ හා වැඩිහිටියන්ගේ පෝෂණ මට්ටම් ක්‍රමයෙන් පහළ යමින් ඇති බවයි.