― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතීරණාත්මක සිංහ - කැන්ගරු සිව්වැනි තරගය අදයි

තීරණාත්මක සිංහ – කැන්ගරු සිව්වැනි තරගය අදයි

සංචාරක ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ 4 වැනි තරගය අද පස්වරු 2.30 කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී ආරම්භ වීමට නියමිතය.

මේ වනවිට ශ්‍රී ලංකාව තරග 2ක් ජයග්‍රහනය කර ඇති අතර තරගාවලියේ පළමු තරගය ඔස්ට්‍රේලියාව ජය ගත්තේය.

යම් හෙයකින් අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකි වුවහොත් තරගාවලි ජයග්‍රහනය ශ්‍රී ලංකාව සතුවනු ඇත.

ශ්‍රී ලංකාව අවසන් වරට ඔස්ට්‍රේලියාවට එරෙහිව ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක් ජයග්‍රහණය කර ඇත්තේ 2010 වසරේදීය.

2010 වසරේ නොවැම්බරයේ මස ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා පිල සහභාගි වූ තරග 3කින් සමන්විත තරගාවලියේ මෙල්බර්න් හා සිඩ්නි ක්‍රීඩාංගණවල තරග දෙකේ ජය ලබා 2-1ක් ලෙස තරගාවලි ජය සතු කර ගත්තේය.

ඉන් පසුව තවමත් ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව එක්දින තරගාවලියක් ජය ගෙන නැත.