29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් සිසුවෙකුට පොල්වතු මුරකරුගෙන් වෙඩි

පාසල් සිසුවෙකුට පොල්වතු මුරකරුගෙන් වෙඩි

මාතර, නාවිමන, මොටාගෙදර ප්‍රදේශයේ පොල්වත්තකට ඊයේ (20) සවස ඇතුළු වූ පාසල් සිසුවෙකුට එහි මුරකරු විසින් වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

මෙලෙස වෙඩි තබා ඇත්තේ 15 හැවිරිදි පාසල් සිසුවෙකුට බව අප වාර්තාකරු සඳහන් කළේය.

වෙඩි තැබීමෙන් එම සිසුවාගේ දණහිසට පහළ ප්‍රදේශයේට තුවාල සිදුව ඇති අතර ප්‍රතිකාර සඳහා ඔහු මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය පරීක්ෂණ මෙහෙයවනු ලබයි.