― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබස් ගාස්තු යළිත් ඉහළට!

බස් ගාස්තු යළිත් ඉහළට!

මේ වසරට අදාළ වාර්ෂික බස් ගාස්තු ජූලි 01 වැනිදා සිට සංශෝධනය සිදුවිය යුතු බවත් ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 03 කින් හා එතැන් පටන් ගාස්තුව සියයට 15 – 20ත් අතර මුදලකින් ඉහළ දැමිය යුතු බවත් සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.

යම් ලෙසකින් ඉදිරි දිනවල ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුවුවහොත් අවම බස් ගාස්තුව රුපියල් 05කින් හා එතැන් පටන් ගාස්තුව සියයට 20 – 30ත් අතර මුදලකින් ඉහළ යා යුතු බවද එම සංගමයේ ලේකම් අංජන ප්‍රියංජිත් පැවසීය.

2002 ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි 01 වැනිදා වාර්ෂික බස් ගාස්තු සංශෝධයක් සිදුවිය යුතු බවත් මේ අනුව කරුණු 12 ක් මූලික කර ගෙන නව බස් ගාස්තුවක් ජූලි 01 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව නීතියෙන් බැඳීසිටින බවත් ඒ හෙතෙම අවධාරණය කළේය.

පසුගිය දිනවල ඩීසල් මිල ඉහළ දැමීම පදනම් කර ගෙන බස් ගාස්තු සංශෝධනයක් සිදු වී තිබෙන නිසා උද්ධමනය ඉහළ යාම අමතර කොටස් මිල ඉහළ යාම ලිහිසි තෙල් මිල ඉහළ යාම සේවක වැටුප් ඉහළ යාම බැංකු පොලී ඉහළ යාම් ඇතුළු කරුණු 11 ක් සැලකිල්ලට ගෙන මෙවර ගාස්තු සංශෝධනය සිදුවිය යුතු බවද ලේකම්වරයා සඳහන් කළේය.

එහෙත් ඉදිරි දිනවලදී ඉන්ධන මිල විශාල ලෙස ඉහළ ගියහොත් බස් ගාස්තු සංශෝධනයට ඉන්ධන මිල ඉහළ යාමත් එකතු විය යුතු බවත් සාමාන්‍ය තත්ත්වය යටතේ බස් ගාස්තු සංශෝධනයේදී අවම බස් ගාස්තුව රුපියල් 35ක් විය යුතු බවත් හෙතෙම කියා සිටියේය. ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවුවහොත් අවම බස් ගාස්තුව රුපියල් 40ක් බවට පත් විය යුතු බව පැවසූ ලේකම්වරයා අවධාරණය කළේ පවතින අර්බුදකාරී තත්ත්වය තුළ බස් කර්මාන්තය පවත්වාගෙන යාම දැඩි දුෂ්කර කටයුත්තක් බවයි.