― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනවසීලන්තයෙන් ඩොලර් ලක්ෂ 08ක්

නවසීලන්තයෙන් ඩොලර් ලක්ෂ 08ක්

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි අවදානමට ලක්වූ ළමුන් වෙනුවෙන් අවශ්‍ය හදිසි සහාය ලබාදීමට නවසීලන්ත ඩොලර් ලක්ෂ 8 ක මුදලක් යුනිසෙෆ් ශ්‍රී ලංකා වෙත ප්‍රදානය කරන බව නවසීලන්ත විදේශ කටයුතු,පළාත් පාලන අමාත්‍ය නනායා මහුටා මහත්මිය ප්‍රකාශ කළාය.

රුවන්ඩාවේ කිගාලි නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සහ නවසීලන්ත විදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍ය නනායා මාහූටා මහත්මිය අතර ද්විපාර්ශ්වික හමුවක් ඊයේ (22) පැවැත්වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ වන විට කොළඹ දී පැවැත්වෙන මාණ්ඩලික මට්ටමේ සාකච්ඡා පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා ආහාර, ඉන්ධන සහ ඖෂධ සැපයීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික පරිත්‍යාගශීලීන්ගෙන් මෙන්ම බහුපාර්ශ්වික ආයතනවලින් මෙරටට ලැබෙන සහයෝගය පිළිබඳව නවසීලන්ත විදේශ අමාත්‍යවරිය දැනුවත් කළා,

ඉදිරි සති කිහිපය තුළ මූල්‍ය අවශ්‍යතා ආශ්‍රිතව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටි අතර නවසීලන්තයෙන් සහ පොදු රාජ්‍ය මණ්ඩලයෙන් සහය ලබාගැනීම සම්බන්ධයෙන් පවත්නා හැකියාව සොයා බැලීමටද නවසීලන්ත විදේශ අමාත්‍යවරිය සිය එකඟත්වය පළ කර තිබෙනවා,

සැපයුම්දාමය සහ සැපයුම් සම්බන්ධයෙන් විශේෂ සඳහනක් කළ පීරිස් මහතා ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය සහ කෘෂි නිෂ්පාදන පදනම් වූ කර්මාන්ත දියුණු කිරීම සඳහා නවසීලන්තයේ සහය ඉල්ලා සිටියා.

කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග උග්‍ර වී ඇති ආකාරය ද අමාත්‍ය පීරිස් මහතා මෙහිදී පැහැදිලි කර සිටි අතර ජීවනෝපාය සඳහා අධ්‍යාපනය වඩාත් අදාළ වන පරිගණක සහ තොරතුරු තාක්‍ෂණය වැනි විෂයයන් කෙරෙහි අවධාරණය කෙරුණා.