27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලන්කන් ගුවන් සේවය අත්‍යවශ්‍ය ඖෂධ නොමිලේ රැගෙන එයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවය අත්‍යවශ්‍ය ඖෂධ නොමිලේ රැගෙන එයි

ලොව පුරා විසිරී සිටින පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මෙරටට ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගුවන් ප්‍රවාහන ගාස්තුවලින් තොරව ප්‍රවාහනය කරදෙන බව ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසයි.

ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවය පෙන්වා දෙන්නේ, සිය ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලන්කන් කෙයාර්ස් වෙතින් එම වගකීම භාරගෙන කළමනාකරණය කරමින් සිටින බවයි.

එමෙන්ම ශ්‍රීලන්කන් කෙයාර්ස් විසින් ප්‍රංශය, ඉන්දුනීසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, කුවේට් සහ නේපාලය ඇතුළු ලෝකයේ සෑම ස්ථානයකින්ම පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන ලද හදිසි වෛද්‍ය සැපයුම් ගුවන්ගත කිරීම අඛණ්ඩව සිදුකරන බවද දැනුම්දෙයි.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අනුග්‍රහය ඇතිව භාණ්ඩ ප්‍රවාහන ගාස්තුවලින් තොරව මෙම වෛද්‍ය සැපයුම් ගුවන්ගත කෙරෙන අතර පසුව එම භාණ්ඩ රිජ්වේ ආර්යා ළමා රෝහල වැනි වෛද්‍ය අංශ වෙත බෙදාහරිනු ලැබේ.

තව ද ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වනවිට ඉතිහාසයේ උග්‍රතම ඖෂධ හිඟයට මුහුණ දෙමින් සිටින අතර, එහි සේවාවන් මත යැපෙන අයගේ ජීවිත පවා අනතුරට ලක්වීමේ අවදානමක් පවතින බවද ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසයි.