― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසහනදායි වාහන බලපත්‍රවලින් රජයට බිලියන 94ක පාඩුවක්

සහනදායි වාහන බලපත්‍රවලින් රජයට බිලියන 94ක පාඩුවක්

සහනදායි වාහන බලපත්‍ර මගින් ශ්‍රී ලංකාවට වසකරට රුපියල් බිලියන 94ක පමණ පාඩුවක් සිදුවන බව වාර්තා වේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා බෙදාහැරීම් කළමනාකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ මෙම අදහස් පළ කළේය.

එම මුදල වාහන ආනයන බද්ද හරහා රජයට ලැබෙන ආදායමට සමාන බවත් මෙම සන්දර්භය තුළ රජයේ වාහන බදු ප්‍රතිපත්තිය විහිළුවක් ලෙස පෙනෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව වසරකට සහනදායී වාහන බලපත්‍ර 10,000ක් දක්වා පිරිනමනු ලබන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සුඛෝපභෝගී හෝ ඉහළ එන්ජින් ධාරිතාවකින් යුත් වාහන ආනයනය කරනු ලබයි.

මෙමගින් රජයට වසරකට රුපියල් බිලියන 94ක පමණ මුදලක් වැය වන බවද ඔහු පැවසීය.