28.4 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජෙහාන්, ජගත්, එරංග සහ ධම්මිකට ඇප

ජෙහාන්, ජගත්, එරංග සහ ධම්මිකට ඇප

පොලිස් මූලස්ථානය අසළ සිදුකළ උද්ඝෝෂණයකදී රාජ්‍ය දේපලට හානිකිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පිරිසගෙන් 4 දෙනෙකුට අද (24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දුන්නේය.

මෙලෙස ඇපදෙනු ලැබුවේ විත්තිකාර පාර්ශවය විසින් යොමුකරනු ලැබූ මෝසමකට අදාලවයි. කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් ඇප ලබාදෙනු ලැබීය. විත්තිකාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේය.

ඒ අනුව ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ, එරංග ගුණසේකර සහ ධම්මික මුණසිංහ යන අයට ඇප ලබා දුන්නේය.