― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයන්න අපායක් හොයාගන්න ගෝඨාභය මහත්තයෝ - දමිතා

යන්න අපායක් හොයාගන්න ගෝඨාභය මහත්තයෝ – දමිතා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කරුණාකර ඉල්ලා අස්විය යුතු බවත් ඔහු සාර්ථක වෙනතුරු ජනතාවට බලා සිටිය නොහැකි බවත් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න අවධාරණය කළාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ අද (24) මර්දනයට එරෙහි කලාකරුවන් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

ඇය එහිදී කියා සිටියේ තවදුරටත් ජනාධිපතිවරයා ලෙස මේ රට තුළ ගෝඨාභය රාජපක්ෂ නොසිටිය යුතු බවයි. රටට ආදරය කරන නායකයෙක් බව ඔහු දැන් හෝ ඔප්පු කළ යුතු බවත් ජනතා පරමාධිපත්‍යයට කන්දීමට තරම් හෘද සාක්ෂියක් ඔහුට නැති බවත් ඇය පැවසුවාය.

මිනිස්සු බඩගින්නේ මැරුණත්, වෙඩි කාලා මැරුණත් ගානක් නැහැ. සොබා දහම හරිම දරුණුයි මහත්තයෝ. අනිවාර්යයෙන්ම මේ කරන දේවල්වලට රිටර්න් එක දෙනවමයි. මම කියන්නේ හොයා ගන්න යන්න නිරයක්.