30.6 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගර්භණී මවුවරුන්ට විශේෂ දැනුම්දීමක්

ගර්භණී මවුවරුන්ට විශේෂ දැනුම්දීමක්

ගර්භණී මව්වරුන් රෝහල්ගත වීමේදී ප්‍රසූත වේදනාව උත්සන්න වන තෙක් නොසිට රෝහල්ගත වන ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

රට තුළ පවතින තත්වය හේතුවෙන් මෙම ඉල්ලීම කර ඇති අතර සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පළමු දරුවා බිහි කළ මව්වරුන්ට දෙවන දරුවා බිහි කිරීමේදී ප්‍රසූත කාලය ඉතා අවම විය හැකි බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යා විභූෂණ සඳහන් කළේය.

මේ අතර ඊයේ (26) නිකවැරටිය ප්‍රදේශයේදී ඉන්ධන නොමැතිව රෝහල්ගත වීම ප්‍රමාද වීම නිසා සිය තුන්වන දරුවා නිවසේදී බිහි කළ මවක් පිළිබඳ පුවතක් වාර්තා විය. එබැවින් ප්‍රසූත වේදනාවක් පිළිබඳ ඉඟියක් ලද වහාම රෝහල්ගත වීමට මවුවරුන් සැලකිලිමත් විය යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යා විභූෂණ අවධාරණය කළේය.