24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව කොවිඩ් වෛරස් ප්‍රභේදයක්

නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක්

නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

මේ වනවිට රට තුළින් කිසිදු නව වෛරස් ප්‍රභේදය ආසාදිතයෙකු හඳුනාගෙන නොමැති බවත් අදාළ වෛරසය පිළිබඳ දැඩි අවධානයෙන් සිටින අතර එම නව වෛරසය BA5 ලෙසින් නම් කර ඇති බවත් වෛද්‍ය චන්දිම ජීවන්දර සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් පෙන්වා දෙයි.

මේ වනවිට මෙම නව වෛරසය ලොව රටවල් 63කින් වාර්තා වී ඇති අතර අනෙක් වෛරසයන්ට වඩා ඉතා ශීඝ්‍රයෙන් මෙම වෛරසය පැතිර යන බව වෛද්‍යවරයා අවධාරණය කරයි.