― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඇෆ්ගනිස්තානයට දැවැන්ත ජයක්

ඇෆ්ගනිස්තානයට දැවැන්ත ජයක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියාව සමඟ ඊයේ අබුඩාබියේදී පැවැති දෙවැනි කාණ්ඩයේ තරගයෙන් ලකුණු 62ක දැවැන්ත ජයක් අත් කර ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ඇෆ්ගනිස්තානය දුන් ලකුණු 161ක ඉලක්කය හඹාගිය නැමීබියාවට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 98ක් පමණි.

ඩේවිඩ් වීස් (26) හුදෙකලා සටනක නිරත වෙමින් නැමීබියාව ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සාහ කළද සහායට පිතිකරුවකු නැති වීමෙන් එය අසාර්ථක විය. පන්දු යැවීමේදී හමීඩ් හසන් සහ නවීන් උල් හක් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඉනිම අගභාගයේ නායක මොහොමඩ් නබි ක්‍රියාත්මක කළ වේගවත් පිති හරඹය හේතුවෙන් පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානයට ඕවර 20 අවසානයේ ලකුණු 160 සීමාවට පිවිසීමට හැකි විය.

නබි පන්දු 17කදී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 32ක් ඉනිමට එක් කළේය. ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් හස්රුතුල්ලා සසායි (33) සහ මොහොමඩ් ෂෙසාඩ් (45) පළමු කඩුල්ලට ලකුණ 53ක් එක් කළහ.

සිය අන්තර්ජාතික ක්‍රිකට් තරග බිමේ අවසන් ඉනිම ක්‍රීඩා කළ අස්ගර් ඇෆ්ගන් පන්දු 23කින් ලකුණු 31ක් රැස් කළේ හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟිනි.

හිටපු නායක 33 හැවිරිදි අස්ගර් මේ තරගයට පෙර දින පවසා තිබුණේ මේ තරගයෙන් පසු තමා අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමු දෙන බවයි.